• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිනුම් කටයුතු පිළිබඳ පත්වීම් ලබන ඔබ රාජ්‍ය සේවයේ ගෞරවනීය ක්ෂේත්‍රයකට පිවිසේ

Survey 2017 1මිනුම් කටයුතු  දෙපාර්තමේන්තු රාජකාරී ඉතාමත් ගෞරවනීය කටයුත්තක් වන බවත් එහි වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම පත්වීම් ලබන සියලු ම දෙනාගේ වගකීම සහ යුතුකම වන බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පස්වරුවේදී පැවති මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ දියතලාව මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ 2017 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,  ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුවක් වන මිනුම්දෝරු දෙපාර්තමේන්තුව 1800දී ආරම්භ කරන ලද බවත්, මෙහි පළමු සුදු ජාතික මිනුම්පතිගෙන් පසුව ලාංකේය ප්‍රථම මිනුම්පති වූයේ ආචාර්ය එන්.එන් පෙරේරා මහතාගේ වැඩිමල් සොයුරා බවත් ය. ලාංකේයන් මේ ක්ෂේත්‍රය බාර ගත් පසු  මේ ක්ෂේත්‍ර පිළිබඳ ව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව අනුමත කර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ ක්ෂේත්‍රය සඳහා විද්‍යා උපාධියක්, ඩිප්ලෝමා උපාධියක් ප්‍රදානය කිරීමට අද වන විට හැකි වී ඇති බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, අද මේ උපාධි ප්‍රදානෝත්සවයේදී 300කට ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන් ලෙස සහ ඩිප්ලෝමාධාරීන් ලෙස නික්ම යන බවයි.


මෙම සේවාව ජාතික සේවාවක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ අතීතයේ මිනුම් කටයුතු වල නියුතු නිලධාරීන්ට මෙන් නොව, වර්තමානයේදී  ඔවුන්ට දියුණු තාක්ෂණය සමඟ සිය මිනුම් කටයුතු සිදු කිරීමේ වැඩි පහසුකමක් හිමි ව ඇති බවයි.   ඉඩම් කළමණාකරනය සම්බන්ධයෙන් සැලකූ කළ එය නිසි කළමනාකරණය කළ යුතු කාලය දැං එළඹ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
 
 
මෙම අවස්ථාවට ඉඩම්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහචාර්ය ගාමිණී සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.