• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩී.එස් සේනානායක 65 වන ගුණ සමරු උළෙල

ds senanayaka2මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණ සමරු උත්සවය හෙට  (22) ප:ව 4.00 ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ ඩී.එස් සේනානායක පිළිරුව අභියසදී පැවැත්වීමට ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.
දිවංගත ඩී.එස් සේනානායක අග්‍රාමාත්‍යතුමන්ට පිං පැමිණවීමේ විශේෂ ධර්ම දේශනය අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් පැවැත්වීමට නියමිත අතර,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස උත්සව සභාව අමතනු ඇත.

කොළඹ, ඩී.එස් සේනානායක විදුහලේ සිසුන් විසින් ඩී.එස් සේනානායක ගුණ සමරු ගීතය ගායනා කිරීම සිදු කරන අතර, පුෂ්පෝපහාර දැක්වීමේ කටයුතු කොළඹ මහ නගර සභාව විසින් මෙහෙයවනු ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.