• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජය දිස්ත්‍රික් සංවර්ධනයට ලබාදෙන මුදලින් සියයට 25ක් කාන්තා ආර්ථිකය ශක්තිමත් කිරීමට

Hon Candrani bandara2017323රජය විසින් සෑම දිස්ත්‍රික්කයකට ම ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලින් සියයට 25ක මුදලක් කන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සභාපති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
 
 
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය විසින් කිලිනොච්චියේ සමූපාකාර ශාලාවේදී සංවිධාන කළ කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.


යහපාලන ආණ්ඩුව  විසින් කාන්තා නියෝජනය සඳහා වන කෝටව සියයට 25 දක්වා වැඩිකිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් බවත් කාන්තාව මේ රටේ තීන්දු තීරණ ගැනීමේදී දායකත්වය සැපයීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.


පළමු අගමැනිය පත්කළ ශ්‍රී ලංකාවේ අද තීන්දු තීරණ ගැනීමේදී  කාන්තා නියොජනය අඩු වීම ඉතාමත් කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, කාන්තා නියෝජනය වැඩිකරමින් රටේ මෙන්ම ආර්ථිකයේදී කාන්තාව ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක්  ආණ්ඩුව සතු බවයි.


එමෙන් ම අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, "ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසඳය හැටියට කාන්තා මන්ත්‍රීතුමියන්ලා එකතු වෙලා මෙවැනි ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් සිදුකිරිම ගැන අප සතුටු වෙනවා. අපි කාන්තාවන් හැටියට පාර්ලිමේන්තුව තුළ එක පවුලක් හැටියට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරනවා. සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් අප සියලුදෙනා එකතුවී කටයුතු කරනවා. කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට, කාන්තාව සුරැකීමට අප කටයුතු කරනවා. අපි සියලු ම දෙනාගේ මිත්‍රත්වය තවත් ගොඩනගාගෙන ඔබලාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට එක්ව කටයුතු කරනවා. කාන්තාවන් හැටියට අපි යම් යම් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. අද අපේ රටේ සියයට 52ක් කාන්තාවන් ඉන්නවා. ලෝකයේ පළමු අගමැති පත් කළේත් ලංකාවයි. ඒ අතින් අපි සතුටු වෙනවා වගේම කණගාටු වෙන තැනකුත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගන්න තැන්වලදී කාන්තා නියෝජනය ඉතා පහළමට්ටමක තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා ම සටන් කළා. කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් කළ සටන අපි ජයගෙන ගෙන තිබෙනවා. සියයට 25ක කෝටාවක් අපිට ලැබී තිබෙනවා. එයින් අපි ආරම්භයක් ගමු. එය ලොකු ජයග්‍රණයක්. රජයේ සේවයේ හෝ වෙනත් රැකියා ස්ථානයේ කාන්තා නියෝජනය වැඩියෙන් තිබෙනවා. නමුත් තීන්දු තීරණ ගන්නා තැන්වල කාන්තා නියෝජනය ඉතා අඩුයි. ඒ අඩුවීම තුළ කාන්තා අයිතීන් ජයග්‍රහණය කරගැනීමට අපහසුතාවයක් තිබෙනවා. මේ ලැබී තිබෙන සියයට 25 කෝටාවෙන් ඉදිරියේදී පළාත් පාලන ආයතන, පළාත් සභා හා පාර්ලිමේන්තුව ජයගත හැකියි. 

කාන්තාව අපි හැම පැත්තකින්ම ශක්තිමත් කළ යුතුයි. ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාව විශාල ලෙස දායකත්වය ලබාදෙනවා. කාන්තා සංසඳයේ මන්ත්‍රීවරුන් හැටියට මේ ප්‍රදේශයේ තිබෙන ගැටලු විසඳන්න කටයුතු කරනවා. මේ අරඹන වැඩසටහන ඉදිරියට කරගෙන යනවා."
මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ශාන්තිනී ශ්‍රී ස්කාන්ධරාසා, ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් යන අමාත්‍යවරියන් විසින් ද විශේෂ දේශන පැවැත්වූ අතර, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති තලතා අතුකෝරාළ,  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීම හින්දු කටුතු අමැති ඩී එම් ස්වාමීනාදන් මහතා , නියෝජ්‍ය ඇමැති සුමේධා ජී ජයසේන, අනෝමා ගමගේ, නියෝජ්‍ය කාකරක සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්වන ශ්‍රියානි විජේවික්‍රම, තුසිතා විජේමාන්න, රෝහිණි විජේරත්න, මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක්  සහභාගී වූහ.


Hon Candrani bandar20173 23

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.