• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක්

Saudi arabiසෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටිනවා. ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90) දක්වා ලබා දීමට තීරණය කර ඇත. 
 
 
මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුල නේවාසික වීසා නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණි එරටේ නීති විරෝධීව රැදී සිටින්නන්ට හා නීති විරෝධීව රැදී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහාය.

ඒ අනුව මෙම පොදු සමා කාලය ප‍්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නෙමැති බව ද සෞදි රජය දන්වා සිටී.


සෞදි නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය මොහොමඩ් බින් අබ්දුල් අසිස් (Mohamed bin naïf  bin Abdul Aziz මහතා විසින් මෙලෙස ජාතික ව්‍යාපාරයක් ලෙස දියත් කෙරෙන වැඩසටහනක් ලෙස පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර එය සෞදියේ සලමාන් බින් අබ්දුල්අසිස් රජු ( King Salaman Bin Abdulsziz) විසින් අනුමත කර තිබේ.


එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝදීව රැදී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටින බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල වැඩිදුරටත් සඳහන් කර තිබේ.


ඒ අනුව සෞදි අරාබියේ නීති විරෝධීව රැදී සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයින් වෙත මෙම පොදු සමා කාලය ඇතුලත හැකි ඉක්මණින් රියාද් හි  පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටින අතර, තම ඥාතීන් මෙවැනි නීත්‍යාණුකූල නොවන අයුරින් සෞදිය තුළ රැදී සිටින්නේ නම් ඔවුන් මේ පිළිබඳ ව දැනුම්වත් කරන ලෙසත් කාර්යාංශය දන්වා සිටී. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.