• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෙදින නිල සංචාරය අරඹමින් ජනපති රුසියාවට ළඟා වෙයි

 
HE news20170323රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා (Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
 
රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Igor Morgulov මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශී‍්‍ර ලාංකික දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුසියානු නිල සංචාරයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව හෙට දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී පැවැත්වෙයි.

වසර 43 කට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙය වීම සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා විසින්ම ජනාධිපතිතුමා වෙත මෙම ආරාධනාව සිදු කිරීම විශේෂත්වයක් වන අතර ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් එරට රජයේ ඉහළම ගෞරවය පිළිගන්වමින් එතුමා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් අනතුරුව දෙරට අතර ආර්ථික, වෙළඳ මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ද අද (23) පස්වරුවේ ජනාධිපතිතුමා එක් වෙයි.

දෙරට අතර වෙළෙද හා ව්‍යාපාරික සබඳතා ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශී‍්‍ර ලංකා රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිතුමා මෙම සංචාරයේදී එක්වන අතර රුසියාවේ අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් සමඟ ද හමුවකට එක්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.