• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“රාජ්‍ය සේවකයකු ලෙස රාජකාරියට උපරිම වටිනාකම ලබා දෙන්න.”

hon duminda disanayakeකෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා
 
 
ශතවර්ෂයක ඉතිහාසයක් සමඟින් පැවත එන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් පිරිසකට පත්වීම් ලබා දීම කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාර පරිශ්‍රයේදී කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.03.22 වන දින පැවැත්විණ. මෙහිදී විශේෂ පන්තියේ කෘෂිකර්ම උපදේශක නිලධාරින් 15ක්, ඡායාරූප ශිල්පීන් 02ක්, විදුලි කාර්මික ශිල්පීන් 13ක්, චිත්‍ර ශිල්පීන් 03ක්, කෘෂිකර්ම ව්‍යාප්ති සේවා නිලධාරීන් 15 ක් සහ කෘෂි තාක්ෂණික සහයක නිලධාරින් 23 දෙනෙකු සඳහා ගරු අමාත්‍යතුමන් අතින් පත්වීම් ලිපි ලබාදුණි.
මෙහිදී අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ ය.

“අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ පුරප්පාඩු සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද ඔබතුමන්ලාට මෙම පත්වීම් ලබා දෙන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, රටවටා දියත් කර ඇති ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සක්‍රීය හා සාර්ථක ලෙස මෙහෙයවීමටයි. මෙහිදී අපි 2018 වන විට රට අභ්‍යන්තරය ආහාර භෝග රැසකින් ස්වයංපෝෂිත කළ යුතුයි. එහිදී අපට ඔබගේ සහයෝගය, වටිනා ශ්‍රමය ඉතාම වැදගත්. අපගේ ප්‍රධානම අරමුණ වන්නේ ප්‍රදේශයට, ගොවි ජනතාවට අවශ්‍ය සේවාව උපරිමයෙන් ලබා දීමයි.

 විශාල පිරිසක් අතරින් ඔබට ලැබී ඇති මෙම රාජ්‍ය සේවා පත්වීමට ඔබ විසින් සාධාරණය ඉටු කළ යුතුයි. එහිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිට රාජ්‍ය සේවයට පත්වීම ලද සැණින් මුල අමතක කරන්න සූදානම් වන්න එපා.ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඉන්න කාලයේදී යම් රාජ්‍ය ආයතනයකට ගොස් කිසියම් හෝ රාජකාරීමය අපහසුතාවයකට මුහුණ දී තිබෙනවානම් එය පාඩමක් ලෙස ගෙන ඔබ අභිමුවට එන ජනතාවට එවැනි අපහසුතාවයක් දැනීමට ඉඩ සැලැස්වීම නියම රාජ්‍ය සේවකයෙකුගේ වගකීම හා යුතුකම නොවන බව සිහියේ තියා ගන්න.

2000 වසරේ සිට පාර්ලිමේන්තුව තුළ ඉන්න මට අමාත්‍යාංශ ගණනක රාජකාරී කළත් තවම අපිට වැඩක් හරියට කරවගන්න අමාරුයි. ඒ හරහා අපි අතින් විය යුතු වගකීම් අතපසුවීම් නිසා අපගේ සේවය බලාපොරොත්තුවෙන් පැමිණෙන පිරිසගෙන් දැඩි චෝදනා එල්ල කරනවා. රාජ්‍ය සේවකයෙක් ලෙස තමන්ට ලැබී ඇති කාලයේ උපරිම සේවය කළ යුතු අතර තවකෙක් මත වගකීම් හෝ රාජකාරිය පටවමින් තම වගකීම අතපසු කරන්න එපා යන ඉල්ලීම ඉල්ලන්න කැමතියි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩකිරීම ඔබගේ යුතුකමයි.

ජනවාරි 08 ගැන මතක් කළ යුතුයි. තවමත් බහුතරයකගේ ඔළුගෙඩි මාරු වී නෑ. අගෝස්තු 17 වෙනිදා ප්‍රධාන පක්ෂ එකට එකතු වෙලා වැඩ කරන්නේ විශාල වැඩක් කළ යුතුයි යන මූලික පරමාර්ථය නිසයි. එමඟින් එකට වැඩ කරන සංකල්පයක් සදාචාරයක් ජනතාවට සදා දීමයි අවශ්‍ය වුණේ. රාජ්‍ය සේවකයන් ලෙස පරිවර්තනයක්, වෙනසක් කිරීමයි අවශ්‍ය වෙන්නේ.

අපි අපට අවශ්‍ය දේවල් වලට පමණයි වියදම් කරන්නේ. රජයේ සේවකයෝ විදියට, විද්‍යාඥයෝ විදියට ආණ්ඩුවට, රටට, ගොවියාට තියන ප්‍රශ්න වලට පමණක් උත්තර හොයන්න. තමන්ගේ නමට ඉස්සරහින් හෝ පස්සෙන් අකුරු එකතු කර ගත්තට වැඩක් නෑ. අපි ඉදිරියේදී විශාල වෙනස්කම් රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් හොඳ රාජ්‍ය සේවයක් කරන්න ගොවි ජනතාවට සේවයක් කරන්නත් මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය ශක්තිමත් කරලා අපට, ඔබතුමන්ලාට, දෙමව්පියන්ට සහ කෘෂිකර්මාන්තය කරන සියලු දෙනාටම දෙපයින් නැගී සිට තවත් ආඩම්බරයෙන් ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙක් වන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.”

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම දෙපාන්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.