• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපනයනකරුවන් 2000ක් බල ගැන්වීමේ වැඩසටහනක් උතුරේ

NarthP2017 03 23උතුරු පළාතේ ලංකා කාර්මික මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන කුඩා කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනයන් අපනයන තත්ත්වයට පත් කරලීමේ අදහසින් ඊයේ (23) දින කුඩා කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් හා සාකච්ඡාවක් උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අපනයනකරුවන්ගේ ප්‍රදර්ශන කුටි විවෘත කිරීම හා අපනයන භාණ්ඩ නිරීක්ෂණය කිරීමද සිදු කෙරිණි. වියළි ආහාර, මත්ස්‍ය නිෂ්පාදන, අයිස් ක්‍රීම්, බෝතල් කළ ආහාර, පොල් කටු නිෂ්පාදන, අත්කම් භාණ්ඩ වර්ග, එළවලු වර්ග, පලතුරු වර්ග වැනි බොහෝ දේ ප්‍රදර්ශන කුටි අතර විය.


විශේෂයෙන් ම අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා මුල්‍ය සහනාධාර ලබා දෙන සියලු ම වාණිජ බැංකු සහභාගිත්වයෙන් අපනයන කර්මාන්ත ප්‍රමිතිය හා වෙළදාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් රාශියක්ද පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ, ව්‍යවසාය සංවර්ධන හා ජ්‍යාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජ්‍යාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්, පා.ම සුමන්ධිරන් යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීන් හා ව්‍යවසායකයින් රැසක්ද සහභාගී වුහ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.