• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඓතිහාසික තිළිණයක්

He news 2017 3 24රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ (23) පස්වරුවේ සිදු වූ අතර, එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මීර් පුටින් මහතාගෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.
 
19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර 1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව මිලදී ගෙන තිබේ.

දෙරට අතර සමීප සබඳතාවය සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්තානය ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින්  ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙත මෙලෙස පිළිගන්වනු ලැබීය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.