• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ව අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කරයි

Anuradhapura Dis 2017 324නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පිළිබඳ ව අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (23) උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබද ව එහිදී රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරිණ.

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සැකසීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා වූ සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැති වැඩමුළුව ට රාජ්‍ය නිලධාරීන් පන්සියයක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ව මහජන අදහස් විමසුම් කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක, යාපනය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යා කෝසලායි මතන් යන අය මෙහිදී දේශන පැවැත්වූහ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම වැඩසටහන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.