• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

DGI web2017 0324lk domain  Registry ආයතනය මඟින් වාර්ෂික ව සංවිධානය කරන  හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරා ගැනීමේ තරගාවලියෙන් (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහරින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය  www.dgi.gov.lk සහ www.news.lk වෙබ් අඩවි සමත් වී තිබේ.
 
මෙම තරගාවලියෙන්  www.dgi.gov.lk  වෙබ් අඩවිය සඳහා Best Government Website - Bronze Award සම්මානයද www.news.lk වෙබ් අඩවිය සඳහා  Best Media, Sports and Entertainment Website - Silver Award සම්මානයද හිමිකර ගැනීමට හැකිවී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අන්තර්ජාලයට මුදාහරින ලද www.dgi.gov.lk වෙබ් අඩවියට මෙවන් ජයග්‍රහනයක් අත්කර ගැනීමට වෙබ් අඩවිය සමඟ නිරන්තරයෙන් අත්වැල් බැදගත් සියලු ජනතාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අප කාර්ය මණ්ඩලය මෙසේ ආචාරය පුද කරමු.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.