• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාවික හමුදාව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් රුපියල් බිලියන 3ක ආදායමක් උපයයි

Navy 2017 201703 27ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීෙම් කටයුතු වල නියුතු වන අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3ක ආදායමක් රජයට උපයා ලබා දී අැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
 
මෙහෙයුම් රාජකාරී ඝණයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන් හට ආරක්ෂිත සාගර කලාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ.

වර්තමාන විනිමය අනුපාතයන්ට අනුව 2015 නොවැම්බර් මස සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම් මගින් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 3ක් පමණ විශාල අගයක් ගනී. එම මුදල, ප්‍රධාන වශයෙන් ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයන් සිදු කළ නෞකා ගමන් වාර 8170ක් මගින් උපයා ඇත. 


ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් භාර ගත් අතර, ඉන් උපයනු ලබන ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුව ම බැර කිරීමට කටයුතු කෙරේ.


ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරුණ වගකීම් අතර  වේ.     


තවද මේ වන විට සියලු ම මෙහෙයුම් ම්‍ය්‍යස්ථානයන් හරහා සිදු කළ මුළු ගමන්වාර 8,797ක් මගින් රුපියල් 3,111,250,178.60ක ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.