• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ට “ද බෑන්කර්” සම්මානය

Hon Ravi karunanayake news 2017 3 27“ද බෑන්කර්” සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳ ම මුදල් අමාත්‍යවරයා ලෙස තමා තෝරා ගැනීම, රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා තවදුරටත් පැවසුෙව් මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන් වීම මත, රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වන බවත්, මෙය ද එහි තවත් එක අවස්ථාවක් බවත් රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම සම්මානය හරහා රටේ ආර්ථික ගමන් මග පිළිබඳ ගොඩනැගෙන ජාත්‍යන්තර විශ්වාසය තුළින් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 
  
ආසියා පැසිෆික්  කලාපයේ  2017 වසරේ හොඳම මුදල්  අමාත්‍යවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය. සම්මාන  ප්‍රදානය පසුගිය (24) ලන්ඩන් හි පිහිටි  “ද බෑන්කර්” සඟරාවේ  ප්‍රධාන මුලස්ථානයේ දී  පැවැත් විණි. “ද බෑන්කර්”  සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා විසින්  (Brian Caplen) මෙම සම්මානය  රවී කරුණානායක මහතා වෙත  ප්‍රදානය  කරන ලදී. 
නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමිණ. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. 
රටේ ගෙවුම් ශේෂය හේතු කොට ගෙන ඇති වන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වීම සහ රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සඟරාව පෙන්වා දෙයි. 
සම්මානය හිමි කර ගැනීමේන් පසු අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා - 
“අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම  මත රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා ගෙන ඇති සැලසුම්වල ප්‍රතිඵලක් ලෙස තමයි මේ සම්මානය ලැබෙන්නේ. ඒ වගේ ම මට සහය දුන් කැබිනට් අමාත්‍යවරුන්වත් සිහිපත් කළ යුතුයි.  මූල්‍ය විනයක් සහිතව රට පාලනය කරන ආකාරය “ද බෑන්කර් ” සඟරාව දැකල තමයි සම්මානය ලබා දුන්නේ. මං හිතනව මෙය ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යාම සඳහා හොඳ අවස්ථාවක් කියල. ඒ නිසා මේ සම්මානයෙන් සියලු දෙනාට ම ශ්‍රී ලංකාව ගැන සුබ බලාපොරොත්තු තබා ගත හැකියි.” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය. 
මෙම සම්මාන ප්‍රදාන අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහ  මෙලා  කරුණානායක මහත්මිය ද  එක් ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.