• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින්

Police 2017 03 28පොලිස් නිශ්කාෂණ වාර්තාව (police Clearance report) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ.
 
විශේෂයන් ම ඇතැම් රටවල් සඳහා  විදේශ ගත වීමට බලාපොරොත්තු වන  සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර  කාලයකදී ලබා ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.


පෙර පැවති සාමාන්‍යය ක්‍රමවේදයට අනුව මෙම පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීමට අයඳුම් කිරීම සඳහා ජනතාවට  කොළඹ ඕල්කට් මාවතේ පිහිටි කාර්යාලය වෙත පැමිණීමට සිදුවූ අතර වාර්තාව නිකුත් කිරීමට දින 14ක පමණ ගත විය.


www.police.lk  www.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකි වන අතර මේ සඳහා වන මුල්‍යය ගෙවීම් ණයවර කාඩ්පත් මගින් (Credit Card)  කළ හැකි බව නියෝජිතායතනය පවසයි.


මෙම පොලිස් නිශ්කාෂණ වර්තාව මෙසේ ඉ-සේවාවක් වශයෙන් කාර්යක්‍ෂම කිරීම සඳහා මෙරට  සියලු පොලිස් ස්ථාන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි මධ්‍යය ගත පරිගණක තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර තිබේ.


 මෙරට සහ විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මාසයකට අයදුම්පත් තුන්දහසත් හාරදහසත් අතර  ප්‍රමාණයක් මෙම වාර්තාව ලබා ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ලැබේ. 

 ඉ-සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මුලස්ථානයේදී සිදුවිය.
  
  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.