• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්ත ශාලාවක්

variety of fresh fish 250ලංකා ධීවර සංස්ථාව සංස්ථාව යටතේ නවීන තාක්ෂණයෙන් යුත් අපනයනය සඳහා මසුන් සකසන මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්ත ශාලාවක්  ඉදි කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවකට අනුව ඉදි කෙරෙන මෙම කර්මාන්ත ශාලාව මට්ටක්කුලිය ලංකා ධීවර සංස්ථා පරිශ්‍රයේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා මුලික ව වැය වන මුදල රුපියල් මිලියන 75ක් වන අතර එම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය මගින් ලබා දීමට එකගත්වය පළ කර තිබේ. 


මේ වන විට අප රටේ මත්ස්‍ය සැකසුම් කර්මාන්තය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමෙන් පසුව, එතෙක් අක්‍රිය ව පැවැති මත්ස්‍ය පිරිසැකසුම්  කර්මාන්ත ශාලා 32ක් යළි මත්ස්‍ය සැකසුම් කටයුතු අරඹනු ලැබීය. ඒවායේ විශාල පිරිසක් රැකියා කරති. විශේෂයෙන් ජපානයේ ජනතාව විසින් ආහාරයට ගන්නා සාම්ප්‍රදායික ආහාරයක් වන සුෂි හා ෂසිමි යන වර්ග දෙකම මේ වන විට අපේ රටේ නිපදවන අතර ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතී. එසේ සකසන ලද මාලු කිලෝවක් රුපියල් 10,000ක් වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලැබේ.


අපේ රටේ මත්ස්‍ය නිෂ්පාදන වලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පැවතිය ද සමස්ත ඉල්ලුමෙන් තවමත් අප විසින් සපයනු ලබන්නේ සියයට 35ක වැනි ප්‍රමාණයකි. මේ නිසා මෙම මත්ස්‍ය සැකසුම් කර්මාන්තයට ලංකා  ධීවර සංස්ථාව ද ප්‍රවිශ්ඨ කිරීම තුළ ගුණාත්මක බවින් ඉහළ මත්ස්‍ය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීමටත්, ධීවර ප්‍රජාවට ඔවුන් විසින් නෙලා ගන්නා මත්ස්‍ය සම්පත සඳහා ඉහළ මිලක් ලබා දීමටත් හැකි වනු ඇත. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා අදාළ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාව ඉදි කෙරෙන ස්ථානය නිරීක්ෂණය කළ අතර, එය ඉදිරි මාස 06 තුළ ඉදි කිරීම් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතාට උපදෙස් දෙනු ලැබීය. 



අප රට මත්ස්‍ය අපනයනයෙන් පසුගිය වසරේ ලැබු ආදායම රුපියල් මිලියන  1200කි. මේ වසරේ දී එම ප්‍රමාණය අවම වශයෙන්  තුන්ගුණයකින් ඉහළ නැංවීමට අපේක්ෂා බව අමාත්‍යවරයා මෙහිදී කීය. රට ආර්ථික වශයෙන් බංකොලොත් ව ඇතැයි විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් චෝදනා කළත්, සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් ලබා දීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සංවර්ධන ව්‍යාපෘති නොමැතිව නොමිලේ මුදල් බෙදා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බව ද  අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිළි කළේය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.