• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය සහ එක්සත් ජනපද නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට

Indian and US Naval ships visit Sri Lanka2017 3 28ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ඇමරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනේ සංචාරයක් සඳහා ඊයේ (27) කොළඹ වරායට සේන්දු වූ බවත් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව එම නෞකා පිළිගත් බවත් ශ්‍රී ලංකා නාවික හමුදා පවසයි.
 
ඒ අනුව ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා “දර්ශක්” නෞකාව (INS ‘Darshak’) පුහුණු සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර එළඹෙන 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


එමෙන්ම ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව (USS ‘Comstock’- The Whidbey Island-Class Dock Landing Ship of the US Navy) දින 4ක නිල සංචාරයක් සඳහා ඊයේ දින මෙරටට පැමිණි ඇත.


එම නැව්මුළුව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ නිළ මට්ටමේ හමුවීම්, ක්‍රීඩා, පුහුණුවීම් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගි වීමට නියමිත යි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.