• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කෙරේ

He news 2017 03 29උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.
 
මේ හා සමඟාමී ව ලංකා සතොස අලෙවිසැල් 52ක් දිවයින පුරා විවෘත කිරීම ඊයේ සිදුකෙරිණි.


මේ අනුව දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.
කොහුවල නව සතොස අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ලංකා සතොස සභාපති ටී.එම්.ඩී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.