• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධීවර ජනතාව නගාසිටුවීමට නම් ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කළ යුතුයි

Hon Deleep wedharachchi 2017 03 29ධීවර ජනතාව නගාසිටුවීමට නම් පළමුව ග්‍රාමීය ධීවර සංවිධාන ශක්තිමත් කළ යුතු බව වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික ධීවර සම්මේලනයේ දිස්ත්‍රික් නියෝජිතයින් සමඟ ඊයේ (28)  පැවති සාකච්ජාවකට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, රජයෙන් ලබාදෙන සෑම පහසුකමක් ම සැබෑම ධීවරයා වෙත නිවැරදිව ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමේදී ධිවරයින් හඳුනා ගැනීම ග්‍රාමීය ධීවර සමිති මගින් සිදුකල යුතු බවත්,  එය දිස්ත්‍රික් සමිති මගින් සහතික කිරීම සිදුකල යුතු බවත්ය.
දේශපාලන හෝ පෞද්ගලික හිතවත් කම් මත වරප්‍රසාද ලබාදීමේ ක්‍රියාවලියට නැවතීමේ තිත තැබිය යුතු බැවින්, සැබෑ ධීවරයා මෙන්ම වඩාත් සහන ලැබිය යුතු ධීවරයා වෙත එම සහන ලැබීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බවද දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ජාවට පැමිණ සිටි ධීවර සංවිධාන නියෝජිතයින් තමන්ට මෙන්ම තම දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු හා එම ගැටලු වලට විසඳුම් නොලැබීම පිළිබඳ විස්තර කළහ .
දිස්ත්‍රික් නිලධාරීන් ඉදිරිපත් කළ සෑම ගැටලුවකට ම කඩිනමින් විසඳුම් ලබා දීමට මෙන්ම ජාතික ධීවර සම්මේලනයේ පිළිගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සැලසීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ඒ අවස්ථාවේදී ම නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.


ඊට අමතර ව ග්‍රාමීය ධීවර සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම තෙමසක් තුළ අවසන් කරන ලෙස උපදෙස් දුන් වැඩබලන ධීවර අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ඒ පිළිබඳ සෑම මසකම වාර්තාවක් ජාතික ධීවර මහා සම්මේලනය මගින් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවයි.
           දිස්ත්‍රික් ධීවර සම්මේලනවල කටයුතු සොයාබලා එම සංවිධාන නැවත නගාසිටුවීමේ ක්‍රියාවලියට තමා පුද්ගලිකව එක්වන බවත්, ඒ අනුව සියලු ම දිස්ත්‍රික්කයන්හි යමින් ධීවර ජනතාවගේ අනාගතය මෙන්ම ධීවර කර්මාන්තයේ අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවටත් වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී දිස්ත්‍රික් ධීවර නියෝජිතයනට සහතික විය .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.