• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ මහලේකම් අද දිවයිනට

bankin moon
දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතය.

සංචාරය අතරතුර බෑන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවීමට නියමිතය.

හෙට (01) දිනයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා "සංහිදියාව හා සහජීවනය - තරුණයාගේ කාර්යභාරය"යන තේමාව යටතේ ගාල්ලේ පැවැත්වෙන තරුණ වැඩසටහනට ද සහභාගීවීමට නියමිතය.

සැප්තැම්බර් 02 වනදා ඒ මහතා යාපනයේ සංචාරයකට එක් වන අතර නැවත පදිංචි කිරීමේ ප්‍රදේශයකි නිරීක්ෂණයට ද එක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

මහලේකම්වරයා මෙම සංචාරය තුළ ලක්ෂමන් කදිරගාමර් කේන්ද්‍රයේදී විශේෂ දේශනයකට සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.