• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධර්මසිරි සේනානායක 85 වැනි ගුණ සමරුව කෑගල්ලේ දී

Hon Darmasiri senanayekeදිවංගත ජනමාධ්‍ය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ 85 වෙනි ජන්ම දිනයට සමඟාමී ව තොරතුරු දැනගැනීමේ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම්වත් කිරීමේ එක්දින වැඩමුළුවක් හෙට (30) පෙ.ව 8.30 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ධර්මසිරි සේනානායක රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.
 
 
ධර්මසිරි සේනානායක පදනම, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.  මෙහි දේශන ජනමාධ්‍ය හා පාරමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජතුංග ඇතුළු විද්වතුන් පිරිසක් විසින් පවත්වනු ලැබේ.

මෙම අවස්ථාවට ධර්මසිරි සේනානායක පදනමේ සභාපති සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් දේශපාලන නායකත්වයට ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජයතිස්ස ගමගේ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම එක්දින වැඩමුළුවේදී කෑගල්ල ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්, පාසල් ජනමාධ්‍ය ගුරුවරුන් හා රාජ්‍ය නිලධාරීන් තොරතුරු දැනගැනීමේ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම්වත් කිරීමට නියමිතයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.