• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞඛ්‍ය ඇමැති හා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති අතර හමුවක්

Dr Rajitha senarathna 2017රටවල් 25ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජර්මනියේ බොන් නගරයේ පැවැත්වෙන රෝගීන්ගේ ආරක්ෂාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ජර්මනිය බලා පිටත්ව ගියේය. 
 
අද (29) ආරම්භ වූ මෙම සමුළුව ලබන සිකුරාදා (31) දක්වා පැවැත්වෙයි. මෙම සමුළුව ජර්මනියේ සහ මහාබ්‍රිතාන්‍ය  සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව සංවිධානය කර ඇත. සමුළුවට එක්ව සිටින බ්‍රිතාන්‍ය  සෞඛ්‍ය අමාත්‍ය ජෙරම් හන්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් හෙට (30) පස්වරු 3.00 ට ජර්මනියේ දී සිදුකෙරෙන අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය  සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට නියමිතය. 


මෙම සමුළුවෙි ප්‍රධානත්වය ජර්මනිය, බ්‍රිතාන්‍ය , ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් උසුලනු ලබයි. ශ්‍රී ලංකාවෙි රෝහල්වලට ඇතුලුවන රෝගීන් සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයා සියලු ම සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.