• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදාවට අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක්

Navy 2017 03 30ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදා කිමිදුම් අංශය සඳහා අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක් කොළඹ ලයිට් හවුස් අවන් හලේදී ඊයේ (29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදී.
 
 
 
නවීණ තාක්ෂණයෙන් යුතු මෙම උපකරණ කට්ටලයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වේ. 


මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහිලා මූනසිංහ මහතා, අධ්‍යක්ෂ විකුණුම්, අ‍ලෙවිකරණ හා සහයෝගිතා කටයුතු චමින්ද එදිරිවික්‍රම මහතා, ජ්‍යෙෂ්ඨ කළමණාකාර වෙළඳ ප්‍රභාත් විදානගමගේ මහතා ඇතුළු පිරිසක් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගි වූහ. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමුරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.