• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම් සේවකයින් ට ජනපති අතින් සම්මාන

He news 2017 03 31" අභිමානී 2017 - දැයක් නගන පරපුර වෙත නගමු හරසර "යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම් වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය. 
 
නාගරික ජනාවාසවල වෙසෙන හැටදහසක ජනතාවට ස්ථීර නිවහන් ලබාදීම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. ඒ සඳහා දායක වන ශ්‍රමිකයින්ගේ වටිනාකම, කැපකිරීම නිසිලෙස ඇගයුමට ලක් කර ගරු බුහුමනට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානයෙහි අරමුණ වන අතර මෙහිදී හොඳම ආකෘති නිවාස වලට හිමි සම්මාන අදාළ සමාගම් සඳහා ජනාධිපතිතුමා අතින් පිරිනමන ලදී.


අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක,  අර්ජුන රණතුංග,  රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක‍්ෂ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.