• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යාපනයේ පැතිර යන ඩෙංගු උවදුර වළක්වා ගැනීමට කඩිනම් පියවර

Rejnold kure 2017 331මේ දිනවල උතුරු පළාත තුළ පවතින ඩෙංගු උවදුර  සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වා එය මැඩලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
 
ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ආණ්ඩුකාර කාර්යේදී පැවති  සාකච්ඡාවකට එක් වෙමිනි.


එළඹෙන මැයි මස (08) වන දින ට යෙදී ඇති රණවිරු උත්සවය යාපනය නගරයේදී පැවැත්වීමට එහිදී වැඩිදුරටත්  සාකච්ඡා කෙරුණි. මෙම උත්සවය ට සමඟාමී ව විවිධාකාර සමාජ සත්කාරයන් රැසක් සිදු කිරීමට ද ආණ්ඩුකාරවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


එම සාකච්ජාවෙන් පසුව ආණ්ඩුකාරවරයා යාපනය නගරයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් විය. එහිදී යාපනය දිස්ත්‍රික්කය තුළ ඇති කාණු පද්ධති හා ජලාශ වල තත්ත්වය නිසියාකාරව සැකසී නොමැති බැවින් ඒවා ක්‍රමානුකූලව, නිසි පිළිවෙලකට ශුද්ධ පවිත්‍ර කරන ලෙසත්, මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් මගින් බැහැර කරනු ලබන අපද්‍රව්‍යත්, ප්‍රදේශයේ ජනතාව විසින් බැහැර කරන අපද්‍රව්‍යත් ක්‍රමානුකූලව බැහැර කිරීමට ක්‍රමවත් මාර්ගයක් සකස් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණ.


මෙම තත්ත්වය පිළිබඳ සොයා බලා මසක් ඇතුලත ඒවා නිසියාකාරව සකසන ලෙසටද නගරයේ අපවිත්‍ර වී ඇති කාණු පද්ධතිය හා ජලාශ ශුද්ධ පවිත්‍ර කර යාපනය නගරයේ ඇති සුන්දරත්වය හා වටිනාකම රැකගෙන සංචාරකයන්ටත්, ප්‍රදේශයේ ජනතාවටත් යහපත් සෞඛ්‍යකින් යුතුව ජීවනෝපාය කරගෙන යාමට ඉඩ සලසා දීමටත් කටයුතු කරන ලෙසට යාපනය මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ප්‍රධාන නගර සභාවේ සෙසු නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.