• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධර්මසිරි සේනානායක 85 ජන්ම දින සැමරේ

Kegalle 2017 03 31හිටපු අමාත්‍ය දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 85 වෙනි ජන්ම දින සැමරුම ධර්මසිරි සේනානායක පදනමේ සභාපති සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
 
 
මෙහි දී හිටපු අමාත්‍යවරයාගේ  ජන්ම දින සැමරුමට සමඟාමී ව තොරතුරු දැනගැනීමේ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම්වත් කිරීමේ එක්දින වැඩමුළුවක් කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ට හා පාසල් ජනමාධ්‍ය ගුරුවරුන් සහභාගී කර ගනිමින් සිදු කෙරිණි.


මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඩබ්.ආර්.ඩී.එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර  යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ අතර මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසින් සිදු කරන ලදී. 


මෙම වැඩමුළුව සඳහා මාධ්‍යවේදීන් හා පාසල් ගුරුවරුන් 100 පමණ සහභාගී වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.