• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනයක්

Hon Deleep wedhaarachchi20173 31මෙරට ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුකරණ කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහළ  නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවූහ.
යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීම, මුලික අධ්‍යනයන්, පහසුකම් සැලසීම , තාක්‍ෂණික පහසුකම්, ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ව මෙහිදී සාකච්ජා කෙරිණ.
 
මෙම බහුකාර්ය ධීවර වරායන්හි මුලික සැලසුම පවා නොමිලයේ සිදුකරදීමට කොරියාව එහිදී කැමැත්ත පල කර ඇත.

අදාළ බහුකාර්ය ධීවර වරායන් උඩප්පුව, චලෙයි, මාදගල්, ඩෙල්ෆ් සහ තංගල්ල ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකරදීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කොරියාව ඉදිරිපත්විය.


ධීවර, සංචාරක, වාණිජ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ මෙම සාකච්ජාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ්, රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර, රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක අයේෂ් රණවක යන මහත්වරු සමඟ මුලික ශක්‍යතා අධ්‍යනයට පැමිණි නියෝජිත කණ්ඩාය මේ 
Mr. Jung Ho HEO
Deputy Director
Port Investment Cooperation Division  Ports and Harbours Bureau
Korea Ministry of Oceans and Fisheries
Mr. Dong Hyun SEO
Assistant Director
Port Investment Cooperation Division  Ports and HarboursBureau, Korea Ministry of Oceans and Fisheries
ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගී සිටියහ .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.