• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විල්පත්තුව වන උද්‍යානයට යාබද වනාන්තර 04 ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේ ගැසට් පත‍්‍රය පිළිබඳ ගෙන යන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධවයි

HEවිල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04 ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ප‍්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත‍්‍රයට පසුගියදා ගරු ජනාධිපතිතුමා විසින් අත්සන් තැබීය.
 
මෙම ගැසට් පත‍්‍රය මගින් දැනට ජනතාව පදිංචි ගම්මාන, ඉඩම්, නිවාස හා මුස්ලිම් පූජනීය ස්ථාන ආදිය ද රජයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමක් සිදුවන බවට ඇතැම් පිරිස් පෞද්ගලික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන යමින් සිටී.


මෙම රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට පියවර ගෙන ඇත්තේ ජනතාව වෙනුවෙන් මුදාහැර ඇති ඉඩම්වලට යාබදව පිහිටි වනාන්තරවල සහ ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙනි.


එබැවින් අදාළ ප‍්‍රදේශවල දැනට ජනතාව පදිංචිව සිටින සහ ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන, ඉඩම් හෝ මුස්ලිම් පූජනීය ස්ථාන කිසිවක් මෙම ගැසට් පත‍්‍රය මගින් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව දන්වා සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.