• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ ආරක්‍ෂක සමුළුව අද, හෙට

defenceශ්‍රී ලංකා යුද හමුදාව මගින් වාර්ෂිකව සංවිධානය කරන “ආරක්‍ෂක සමුළුව 2016” (Defence Seminar 2016) අද (01) සහ හෙට (02) යන දෙ දින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.


විවිධ විදේශ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ පිළිබඳ ව සාකච්ඡා කිරිම සඳහා ඒ වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම මෙවර 2016 ආරක්‍ෂක සමුළුවේ අරමුණ වේ.

“මෘදු බලය සහ ගෝලීය ගැටලු කෙරෙහි එහි බලපෑම” (Soft Power and Its Influence on Global Issues) මෙවර ආරක්‍ෂක සමුළුව 2016 හි තේමාව වන අතර ඒ වෙනුවෙන් විදේශ රටවල් 71ක් නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වවතුන් 125 දෙනෙක් සහ දේශීය ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන් ඇතුළු විද්වතුන් 800ක් පමණ මේ වෙනුවෙන් සහභාගිවීමට නියමිතය.

මෙවර සමුළුවේ පළමු දින ආරම්භක දේශනය යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ප්‍රධාන දේශනය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.