• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සයුර නෞකාව යළි දිවයිනට

Navy news2017 01 4මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට (ලීමා 2017) සහභාගීවීම  සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය.
 
 
 
එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් සයුර නෞකාව පිළිගන්නා ලදී. 


ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සංචාරයේ සිදු කරන ලද ක්‍රියාකාරකම් හා ප්‍රගතිය පිළිබඳ සුහද කථාබහක නිරත විය. 


සයුර නෞකාව සහභාගී වූ මෙම අභ්‍යාසය සඳහා මලයාසියානු රාජකීය නාවික හමුදාවට අයත් නාවික නෞකාවන් සහ සෙසු රටවල් නියෝජනය කරමින් තවත් නෞකාවන් සම්බන්ධ විය. එම රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය, පාකිස්තානය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව ඇතුළත් විය.


අදියර 4 ක් යටතේ ක්‍රියාත්මක වූ මෙම අභ්‍යාසය මගින් නව දැනුමක් හා අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වීම විශේෂ කාරණයක් ලෙස දැක්විය හැක.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.