• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උපාධිධාරින්ගේ ගැටලු විසීඳමට මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයෙන් ජනපතිට තුති

He news 2017 01 04උපාධිධාරින්ගේ ගැටලු පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඒවාට විසඳුම් ලබාදීමට මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරි සංගමය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තූතිය පිරිනමයි. 
 
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරි සංගමය අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණු අතර එහිදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරි සංගමය විසින් දිස්ත්‍රික් මට්ටමින් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මටිටමින් පවත්වන ලද සාකච්ඡා සහ ලිපි මගින් සංවර්ධන නිලධාරි සේවයේ හඳුනාගත් පොදු ගැටලු කිහිපයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.


සංවර්ධන නිලධාරින්ගේ රාජකාරී ලැයිස්තුව කඩිනමින් ලබාදීම, 1999,2005 සහ 2008 යන වසරවලදී රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින් කඩිනමින් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම, ක්ෂේත‍්‍ර රාජකාරී දීමනාව වැඩි කිරීම, කාර්යාල කටයුතු සඳහා පරිගණක පහසුකම් ලබාදිම, සංවර්ධන නිලධාරින් හට කාර්යක්ෂමතා කඩඉම සඳහා නිර්දේශීත පරිගණක පරීක්ෂණය සමත්වීමෙන් පසු අනිකුත් නිලධාරින් ලබාදෙන රුපියල් හත්දහසේ දීමනාව ලබාදීම, නිසි උසස්වීම් ක‍්‍රමවේදයක් සැකසීම, විධිමත් ස්ථානමාරු ක‍්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු කරුණු රැසක් ඊට අයත් වූ අතර මෙම කරුණු පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි.


ග‍්‍රාම නිලධාරී වසම්වල සේවය කරන සංවර්ධන නිලධාරින්ට නිසි තත්ත්වයක් ලබාදීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.


සංවර්ධන නිලධාරින්ට නව පුහුණු වැඩමුළු පැවැත්වීම පිළිබඳ ව ද මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා සිටින ලදී.


කැලණිය විශ්වවිද්‍යාලයේ ශ‍්‍රවණවේදීන් හට රජයේ පත්වීම් ලබාදීම පිළිබඳ වූ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.


යාපනය උපාධිධාරින්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර නිසි ක‍්‍රමවේදයක් තුළින් ඒ සඳහා විසදුම් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.


තිරසර සංවර්ධන වැඩසටහන යටතේ දේශීය වෛද්‍ය විද්‍යාව ප‍්‍රචලිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා වූ වැඩපිළිවෙළ ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.


සංවර්ධන නිලධාරින් ස්ථානමාරුවීම් ලබා ගැනීමේ දී රටේ සංවර්ධනයට දායකවන අයුරින් මෙන්ම තම පෞද්ගලික දියුණුව ද සැලසෙන අයුරින් එම ස්ථාන මාරුවීම් ලබාගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරින්ගේ සංගමයේ සභාපති මනුල චමල් පෙරේරා, ලේකම් තුෂාර තිලකරත්න යන මහත්වරුන් ඇතුළු එහි නියෝජිත පිරිසක් ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.