• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම්

He news 2017 04 03රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති  මෛතපාල සිරිසේන මැතිතුමා පවසයි.
 
නිසි ඇගයීමක්, සැලැස්මක් සහ විධිමත් භාවයකින් තොරව පසුගිය කාලයේ උපාධිධාරින්ට රැකියා ලබාදීම හේතුවෙන් රැකියාවල නිරත උපාධිධාරින් ද අද ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ නිසි ක‍්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරින්ට රැකියා ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ත්‍රීකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ජාතික යොවුන් පුරය 2017” උළෙලේ ඊයේ දින සමාප්ති උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

‘අනාගතය ඇරඹුනා’ තේමාව යටතේ තරුණ තරුණියන් හයදහසකගේ පමණ සහභාගිත්වයෙන් යොවුන් පුරය පසුගිය 29 වනදා ත්‍රිකුණාමලයේ දී ආරම්භ කෙරිණි. ඊයේ  දින සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ තාරුණ්‍යයට සුබදායක අනාගතයක් ගොඩනඟා දීමේ වගකීම හා රජය බැඳී සිටින බවයි. කුමන අන්දමේ චෝදනා විවේචන එල්ල වුවද රටට අවශ්‍ය සංවර්ධනය සමඟ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී තාරුණ්‍යයට නිසි වටිනාකමක් ලබාදෙමින් තාරුණ්‍යයේ ශක්තිය, ජවය සහ නිර්මාණශීලිත්වය ජාතියේ අනාගතය සඳහා භාවිත කරන බවද ප‍්‍රකාශ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.