• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සඳහා රජයෙන් සහන

Ministry of industry 2017 04 3 1දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.  
 
මෙම වැඩසටහනට අනුව 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ට අඩු සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආහාර හා පාන වර්ග, රසකැවිලි හා බේකරි නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන, සකසන ලද මස් හා මාළු නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සුළු කර්මාන්ත යන  ක්ෂේත්‍රයන් සඳහා (GMP) තත්ත්ව සහතික ලබා ගැනීම කළ හැකිය.

මෙම වැඩසටහනේදී තෝරාගත් කර්මාන්ත සඳහා උපරිමය රු. 100,000/- දක්වා සහතිකපත් ගාස්තු ගෙවීම් කරන අතර සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ගාස්තු ප්‍රතිපූර්ණය කරනු ලැබේ. තවද වැඩසටහන ක්‍රියාත්මක කරන කාලය තුළ අවශ්‍ය මඟපෙන්වීම ද සිදු කරනු ලැබේ.

මෙම වැඩසටහන සඳහා ඇතුලත් වීමට අවම වශයෙන් අවු. 01ක් නිෂ්පාදන වාර්තා ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී කර්මාන්තය සාර්ථක ව ක්‍රියාත්මක විය යුතුය. අයඳුම්පත් යොමු කරන අවස්ථාව වන විට අදාළ සහතික ලබාගැනීම සඳහා සහතිකකරණ ආයතන වෙත අයඳුම් නොකළ කර්මාන්තයක් විය යුතුය.

මේ සඳහා ලියාපදිංචිවීමට කර්මාන්තයේ නම හා ලිපිනය, නිෂ්පාදනවල ස්වභාවය, වාර්ෂික නිපැයුම් ධාරිතාව, වාර්ෂික පිරිවැටුම, සේවක සංඛ්‍යාව සඳහන් තමා විසින් සකසන ලද අයඳුම්පත අධ්‍යක්ෂ, සංවර්ධන අංශ 1, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, 73/1, ගාලු පාර, කොළඹ 03. ලිපිනයට 2017 අප්‍රේල් 17 දින හෝ ඊට ප්‍රථම යොමු කළ යුතුවේ.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 0112422319, 0112432750 ඇමතීමෙන් හෝ www.industry.gov.lk මඟින් ලබාගත හැක. (විද්‍යුත් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.