• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහය

He news2017 04 3 4ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.
 
සියලුදෙනා සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

පසුගිය වසර දෙකක කාලය තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලබාගෙන ඇති ජයග‍්‍රහණයන් පිළිබඳ ව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දැක්වූහ.

විශේෂයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්වූ දායකත්වය ද මෙහිදී කෘතවේදී ව සිහිපත් කෙරිණි.

පැමිණ සිටි පිරිස වෙත රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනැමූ ජනාධිපතිතුමා 2016 සහ 2017 වසර තුළ පැවති ක‍්‍රිකට් තරගවලදී ජයග‍්‍රහණය හිමිකරගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.


මේ අවස්ථාවට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැසක් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.