• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“රණවිරු සුවඳ” 2017 සාහිත්‍ය කලා තරගාවලිය සඳහා අයඳුම්පත් කැඳවේ

Rana viru sewa201704 03රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු සුවඳ සාහිත්‍ය තරගාවලිය සඳහා අයඳුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2017/ 04 /28 දිනෙන් අවසන් වේ.
 
රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සාහිත්‍ය සහ සෞන්දර්යය කලා කුසලතාවයන් එළි දැක්වීම මෙන්ම කලාවේ සංවේදී සංස්පර්ශය තුළින් රණවිරුවෙකු සමාජානුයෝජනය කිරීමට ද, චින්තමය වෙනස සකසා විනිවිද දක්නා නුවණ තුළින් පුද්ගල මනෝභාවයන්, පොදු මානවීය දුර්වලතා සහ මානව සබඳතා අවබෝධයෙන් යුතුව වැළඳ ගැනීමට ද, කලාව රණවිරුවන්ගේ භාවිතයට යොදා භාවමය නිෂ්පාදිතයන් උසස් තත්වයකට නගා සිටුවීමට ද, මෙම රණවිරු සුවඳ සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණු අතර වේ. 

රණවිරු දූ දරු හා අවිවාහක සහෝදර සහෝදරියන් (අවු.26 ට අඩු)  තරග අංශය, රණවිරු තරග අංශය සහ රණවිරු දෙමාපියන්, බිරින්දෑවරුන් සහ අවිවාහක සහෝදර සහෝදරියන්ගේ (25 ට වැඩි ) තරග අංශය ආදී වශයෙන් අංශ 03ක් යටතේ මෙම සාහිත්‍ය තරගවලිය පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග, සම්මාන සහ සහතිකපත් තිලිණ කෙරේ.

මෙම රණවිරු සුවඳ සාහිත්‍ය තරගාවලිය සඳහා රණවිරු සේවා අධිකාරියේ 011-2055673,76 යන දුරකතන  අංකයන්ගෙන්   විමසීම් කළ හැකිය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.