• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආබාධිත රණවිරුවන් සඳහා වෛද්‍ය ආධාර

soldiers2017 04 03රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති ඒකකය මගින් වැටුප් නොලබන, 25% වැටුප් ලබන හා වැටුප් ලැබුව ද දැඩි ලෙස ආර්ථික අපහසුතාවලින් පෙළෙන ආබාධිත රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 
 
මෙම වැඩසටහන යටතේ හදිසි සැත්කම් සඳහා ආධාර කිරීම‍, වෛද්‍ය පරීක්ෂණ සඳහා සහාය ලබාදීම, රෝග තත්ත්වයන් මගහරවා ගැනීමට අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ ලබාදීම (ඇස් කණ හා රෝගාබාධයන්ට ලක්ව අකර්මන්‍යව සිටින අයවලුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සලසා ගැනීම ආදී කටයුතු සඳහා ආධාර ලබාදෙනු ලැබේ.


එක් අයෙක් සඳහා ලබාදෙනු ලබන ආධාර මුදල් ප්‍රමාණය අදාළ රෝගියාගේ වෛද්‍ය වාර්තා හා වෛද්‍ය ඇස්තමේන්තුව අනුව තීරණය කරනු ලබන අතර එක් අයෙකු සඳහා එක් වරකදී නිකුත් කරනු ලබන උපරිම ආධාර මුදල් ප්‍රමාණය - රු.50,000/- කි.


මෙම ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන ආබාධිත රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයින් ඉල්ලීමේ ලිපියක්, වෛද්‍ය වාර්තා හා වෛද්‍ය ඇස්තමේන්තුවක් සමඟ රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පහත සඳහන් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන අයවලුන් සඳහා අයදුම්පත් නිකුත් කරනු ලැබේ.


I.අයඳුම්කරු ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවයේ මාසිකව වැටුප් හිමි නොවෙන, 25% වැටුප් පමණක් හිමි හෝ විශ්‍රාම වැටුප පමණක් හිමි අයෙකු විය යුතුය.

II. හදිසි සැත්කමක් සඳහා හෝ දීර්ග කාලීන අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවට තහවුරු විය යුතුය.


III. ඉදිරියේ දී සිදු කරනු ලබන ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදුකරනු ලබන අතර, ණය මුදල් පියවා ගැනීමට ආධාර මුදල් ලබාදෙනු නොලැබේ.
  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.