• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ජනපති සිය බලවත් සංවේගය

Davuldena Sri Gnanissara theroඅතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ජනපති සිය බලවත් සංවේගය පළ කරයි.
 
ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී සම්බුද්ධ ශාසනය ද, ලාංකීය සංඝ ශාසනය ද ස්වකීය අසහාය බුද්ධියෙන්, ධර්ම ශාස්ත්‍රීය දැනුමෙන් සහ අසීමිත ප‍්‍රඥා මහිමයෙන් සෝබමාන කළා වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය බලවත් සංවේගය පළ කරයි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ද උපදෙස් ලබාදුන් ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳ ව නිරන්තර අධීක්ෂණයක නිරතවන ලෙස බුද්ධශාසන අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම  අදාළ කටයුතු සඳහා වැය වන සියලු වියදම් රජය විසින් දැරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබීය.

මේ අනුව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මෙම 06 වන බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

මේ පිළිබඳ පත්කරන ලද විශේෂ ආදාහන කමිටුව අද පස්වරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.