• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය විවෘත කෙරේ

He news 20170404 kothmale milk productsදේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (03) පෙරවරුවේ විවෘත කෙරිණි.
 
සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කාර්ගීල්ස් සමාගමේ, සරුදින, ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානයක් ද මෙහිදී  ජනාධිපතිතුමා අතින් සිදු විය.

එහි ශිෂ්‍යත්වලාභියෙකු වූ කිලිනොච්චිය භාරතී විද්‍යාලයේ පාස්කරන් ශ්‍යානුගා සිසුවිය මෙහිදී උත්සව සභාව අමතමින් කතාකළ අතර  එම දැරිය තමා අසළට කැදවා ගත් ජනාධිපතිතුමා තොරතුරු විමසීය.

තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබඳ ව ද මෙහිදී දැරිය ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර ඒවා සම්පූර්ණ කර දීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, පී. හැරිසන් යන මහත්වරුන් ද, කාර්ගීල්ස් ලංකා සමාගමේ සභාපති ලූවිස් පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.