• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමෘද්ධි අභිමාණී - 2017 අභිමාණවත්ව මාතර දී

Samurdhi20170404සමෘද්ධි අභිමාණී - 2017 අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ පසුගියදා මාතර උයන්වත්ත ළමා උද්‍යාන පරිශ්‍රයේ දී ඉතා අභිමාණවත්ව පැවැත්විණි.
 
එහි සමාරම්භය සනිටුහන් කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ගාමිණී සේනානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.
 
රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන, රස කැවිළි, පාවහන්, සම් භාණ්ඩ, ආහාර වර්ග, මල් හා මල් පැළ, බෑග් වර්ග, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු නිෂ්පාදන, එළවලු හා පළතුරු, පැළ වර්ග, කාබනික පොහොර, ධාන්‍ය වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන මෙම සමෘද්ධි අලෙවි ප්‍රදර්ශනය තුළ දක්නට ලැබුණි.
 
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය ම නියෝජනය කරමින් සමෘද්ධිලාභී පවුල්වල කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් කුටි හතලිහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය තුළ තිබුණි.
 
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
 
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් කේ.ලියනගේ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් සමෘද්ධි අංශය මෙය සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.