• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රතිසංවර්ධනය කරන ලද කටුනායක ධාවන පථය ගුවන් ගමන් සඳහා 06 වනදා විවෘත කෙරේදා

srilanka airline 20170404වසර 1986 දී ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර (ආස්තරණය) ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා   (06 වෙනිදා) පස්වරු  12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.
 
ඇමරිකන් ඩොලර් මිලියන 50 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා වැය කර ඇත. මෙම ප්‍රතිසංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව මීටර් 60 ක පළලින් යුතුව තිබු ධාවන පථය මීටර් 75 ක් දක්වා පුළුල් වන අතර, A-380 ගුවන් යානා මෙහෙයුම් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට හැකිවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි. 
 
නෙදර්ලන්ත තාක්ෂණයට අනුව ආස්තරණය කරන ලද නව ධාවන පථයේ විදුලි ආලෝක පද්ධතිය පුර්ණ වශයෙන්  LED විදුලි බල්බ යොදා ඇති බැවින් ඕනෑම අයහපත් කාළගුණික තත්ත්වයක් මත ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින්  80% ක බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි වන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි. 
 
මෙම විවෘත කිරීම් කටයුතු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් සිදු කරන අතර ධාවන පථය මෙහෙයුම් කටයුතුවලට විවෘත කිරීමේ සංඥාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇත. 
 
 
ප්‍රතිසංවර්ධනය කරන ලද ධාවන පථයට පැමිණෙන ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සමාගමට අළුතින් මිලදී ගන්නා ලද UL-1162 ගුවන් යානය බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.