• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රට නව දිශානතියකට ගෙනයාමට ජනපති දරණ වෙහෙසට ජර්මන් රජයේ පැසසුම්

He news 2017 04 05මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින්, සංහිඳියාව ද ගොඩනගමින් රට නව දිශානතියකට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දරණ උත්සාහය ප‍්‍රශංසනීය බව ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක නෝබට් ලැම්මර්ට් (Norbert Lammert) මහතා පවසයි.
 
දිවයිනට පැමිණ සිටින ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිතුමා විසින් ජර්මන් කතානායකවරයා ඇතුළු නියෝජිත පිරිස ඉතා සුහදශීලි අන්දමින් පිළිගත් අතර තමාගේ ජර්මන් සංචාරයේදී ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය සමග පැවැත්වූ සාකච්ඡාවලදී දෙරට අතර සහයෝගීතාවය සඳහා ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට හැකිවූ බව ද සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා සහ ආයෝජකයින් පිරිසක් මෙරට සංචාරයක නිරත වූ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.|

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ස්ථාපිත කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර පිළිබඳව ද මෙහිදී සිය ප‍්‍රසාදය පළ කළ ජර්මන් පාර්ලිමේන්තු කතානායකවරයා ව්‍යවස්ථාමය වෙනස්කම් තුළින් ප‍්‍රතිසංධානය ඇතිකිරීම සඳහා ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට ජර්මන් රජයේ පූර්ණ සහය ලබාදෙන බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති John Rhode මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.