• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවි සම්මානයන්ගෙන් පිදුම් ලබයි

dgi web2017lk. domain  Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන  හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරගාවලියේ (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමත්විය.

 

ඒ අනුව අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ www.dgi.gov.lk වෙබ් අඩවිවලට හිමි වූ සම්මාන කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ (04) පැවති සම්මාන ප්‍රදාන උලළේදී පිරිනැමීම සිදු විය.

මෙම තරඟාවලියෙන් www.news.lk වෙබ් අඩවිය සඳහා  Best Media, Sports and Entertainment Website - රිදී සම්මානයද  www.dgi.gov.lk  වෙබ් අඩවිය සඳහා Best Government Website - ලෝකඩ සම්මානයද පිරිනැමීම සිදු විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවියට මෙවන් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට වෙබ් අඩවිය සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳගත් සියලු ජනතාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අප කාර්යය මණ්ඩලය මෙසේ ආචාරය පුද කරමු.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.