• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු රෝගය වැළැක්වීමට පොදු මහජන සහය අත්‍යවශ්‍යයි

Dr Rajitha senarathna 2017පවත්නා දේශගුනික තත්ත්වයන් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වන බවත්, මේ වෙනුවෙන් දැනටමත් රෝගය මැඩලීමේ කඩිනම් පියවර ගෙන ඇති බවත්,  සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක  රාජිත සේනාරත්න මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ වන විට ඩෙංගු රෝගය මැඩලීම වෙනුවෙන් විශේෂ පියවර රැසක් ගෙන ඇති බවත්, කින්නියාව ප්‍රදේශයේ රෝගීන් වැඩි ප්‍රමණයක් හඳුනා ගත් බැවින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවත්ය.

එමෙන් ම උතුරු ප්‍රදේශයේ විශේෂයෙන් ඩෙංගු රෝගය බහුලව පවතින ප්‍රදේශවල පසුගිය 29 වන දා සිට 04 වන දා දක්වා විශේෂ ඩෙංගු මර්ධන බලකායක් මෙහෙයවා එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් ඇතුළු රෝගය මැඩපැවැත්වීම වෙනුවෙන් විශාල කාර්යය භාර රැසක් සිදු කරන ලද බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ පමණක් දක්නට ඇති රෝගී තත්ත්වයක් නොවන බවත්, ඉතාමත් පිරිසිදු යැයි සැලකෙන සිංගප්පූරුව තුළ වර්ෂයකට ඩෙංගු රෝගීන් 30, 000කට ආසනන් ප්‍රමාණයක් හඳුනා ගැනීමට ඇති බවත්, එමෙන් ම මැලේසියාව තුළ වර්ෂයකට ඩෙංගු රෝගීන් 25,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගැනීමට ඇති බවත් ය.

මෙම රෝගී තත්ත්වය රජයට තනිව පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ඒ සඳහා පොදු මහජනතාවගේ පූර්ණ සහයෝගය ද අත්‍යවශ්‍ය බවයි.

විශේෂයෙන් එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, කියුබාව තුළ මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් රජය මගින් අදාළ රෝගී තත්ත්වයන්ගේ වාහකයින් ලෙස ක්‍රියා කරන නිවාස විනාශ කිරීමට පියවර ගත් බැවින්, මහජනතාව ඒ කෙරේ දැඩි උනන්දුවකින් කටයුතු කර රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම අවස්ථාව සඳහා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක  ගයන්ත කරුණාතිලක,   පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  කරුණාරත්න පරණවිතාන, රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය යන මහත්වරු ඇතුළු පිරිසික් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.