• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආනයනික නාඩු සහල් තොගය රාජසන්තකයි

rice2017මුදලට ඉල්ලූ විට නැතැයි කියා සඟවාගෙන සිටි සහල් තොගයක් රාජසන්තක කර එය විකුණා ලැබෙන ආදායම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගිනුමට බැර කරන්නැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (04) නියෝග කළේය. 
 
 
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලද්දේ පිටකොටුව යෝන් වීදියේ සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එන්.එස්.බී.ට්‍රේඩර්ස් නමැති පුද්ගලික සමාගමකටය. එම සමාගම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ සල්වරාජ් මෝසප් එල්මෝ නමැති අයකු වරද සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමේ වරද පිළිගත් අතර එම සමාගමකට රුපිය්ල 12,500ක දඩයක් ද නියම කැරිණි. 

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ සහල් සඳහා පාලන මිලක් නියම කර තිබිය දී තම නිලධාරීන් ගොස් මෙම ව්‍යාපාරික ස්ථානයෙන් සහල් මුදලට ඉල්ලූ විට සහල් නොමැති බව කීව ද ආනයනය කරන ලද නාඩු සහල් කිලෝ ග්‍රෑම් 25 බැගින් අඩංගු මළු 686ක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි. එම සහල් තොගය මුද්‍රා තබා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.