• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අරණායක ඩෙංගුවලින් තොර කලාපයක් කිරීමට විශේෂ වැඩසටහනක්

denguඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් ලෙස අරණායක පත්කිරීමට අවශ්‍ය විශේෂ වැඩසටහනක් මේ වන විට අරණායක  කොට්ටාසය තුළ ආරම්භ කර ඇත.
 
 
අරණායක මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම්  61 ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අරණායක ප්‍රා දේශීය සභාවේ රැස්වීම්  ශාලාවේ දී පැවැත්වූ ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය විය.

ඩෙංගු මර්ධනය පිළිබඳ ව සෑම පුරවැසියෙක්ම දැනුවත් කිරීමට මෙහි දී තීරණය වූ අතර අරණායක දේශපාලන නායකත්වය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කිරීමට නියමිතය.

මෙම වැඩසටහනට සමඟාමී ව යහපත් පරිසරයක් පවත්වාගෙන යන පවුල් 61ක් තෝරාගෙන ත්‍යාග පිරිනැමීමක්ද සිදුකිරීමට තීරණය කෙරිණි. එසේම ග්‍රාම නිලධාරී වසම් 61 තුළ ඩෙංගු මර්ධන ක්‍රියාකාරී කමිටු 240ක් ද ස්ථාපිත කෙරෙනු ඇත.

මෙම රැස්වීමට හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සබරගමු පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක, අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගැමුණු වික්‍රමසිංහ යන මහත්වරුන්ද අරණායක ප්‍රාදේශීය සභාවේ ලේකම් ටී.එම් චන්ද්‍රාවතී මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

මෙම වැඩසටහනෙන් අනතුරුව ඩෙංගු රෝගය පිළිබඳ හා එය මර්ධනය කළ හැකි ආකාරය සඳහන් අත්පත්‍රිකා බෙදා දීමටද සියලු ම දෙනා සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.