• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුසියානු ප‍්‍රහාරය ජනපති හෙළා දකී

Message2017රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ උමං දුම්රිය ස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළා දකී.
 
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳ පුවත අසා තමා දැඩි ශෝකයට පත්වූ බවයි.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ ජනතාව සමග අත්වැල් බැඳ සිටින බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.