• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ධාවන පථය යළි මෙහෙයුම් අරඹයි

Katunayake airportපසුගිය ජනවාරි 06 වන දින සිට මාස 03ක කාල සීමාවකට ප්‍රතිසංවර්ධනය (ආස්තරණ) කටයුතු සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා දිවා කාලයේ පැය 08ක් වසා දැමූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ ආස්ථරණ නිම කොට සුපුරුදු පරිදි ගුවන් මෙහෙයුම් කටයුතු අද (06) දින දහවල් 12.37ට ආරම්භ කෙරිණි.

 

මෙම ධාවන පථය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන ධාවය පථය මීටර් 60 සිට මීටර් 75ක් දක්වා පුළුල් කොට ආස්ථරණ කිරීම, උප ධාවන පථයේ (Taxi Way) ක්ෂය වු කොටස් සකසා ආස්ථරණ කිරීම, ප්‍රධාන ධාවන පථයේ සහ උප ධාවන පථයේ ආලෝක සංඥා පද්ධති නැවත සකස් කිරීම වැනි කාර්යයන් සිදු කර තිබේ.

මෙම ධාවන පථය සඳහා සවි කරන ලද විදුලි ආලෝක පද්ධතිය පූර්ණ වශයෙන් විදුලි බල්බ යොදා ඇති බැවින් ඕනෑම අයහපත් කාලගුණික තත්ත්වයක් තුළ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින් 80%ක බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි බවද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරන අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.2ක් වැය වී ඇත.

නෙදර්ලන්තයේ (NACO) නැෂනල් එරෝ ටෙක්නොලජි ඉන්ටර්නැෂනල් සමාගමේ උපදේශකත්වය යටතේ චීනයේ (CATIC) කැතික් සමාගම විසින් නියමිත මාස 03ක කාල සීමාව තුළ ඉදිකිරිම් කටයුතු නිම කිරීමට හැකි වීම ව්‍යපෘතියේ විශේෂත්වයකි.

වසා දැමූ මාස 03ක කාල සීමාව තුළ දිවා කාලයේ ක්‍රියාත්මක වූ ගුවන් යානා රාත්‍රී කාලයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ලෙසට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කොට කාලසටහන් සකස් කළ අතර මෙම කාලය තුළ සමස්ත ගුවන් මෙහෙයුම්වලින්  92%ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.

ධාවන පථයේ මෙහෙයුම් කටයුතුවලට විවෘත වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල් වා මහතා විසින් දහවල් 12.30ට ගුවන් පාලන කුළුණට දැනුම් දිමෙන් අනතුරුව පස්වරු 12.37ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් අළුතින් මිලදි ගත් UL-l 162 දරණ ගුවන් යානය ධාවන පථය මතට ගොඩ බැස්වීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියොජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායා රූපය - එනූෂා බණ්ඩාර

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.