• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහවැලි කලාපවල කුඩා වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස්

He news 201704 06මහවැලි කලාපවල කුඩා වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා එම ගැටලු විසඳීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය නම් ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දුන්නේය.
 
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
මෙම විෂය ක්ෂේත‍්‍රයට අදාළ ව ආයෝජකයින් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ව ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස මෙහිදී ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.

එම ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් එම අවස්ථාවේදීම ලබාදීමට කටයුතු කළ ජනාධිපතිතුමා අනෙක් කරුණු පිළිබඳ ව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන බව කියා සිටියේය.

ඉදිරියේදී මතුවිය හැකි බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා සූර්ය බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා ආයෝජකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට රජය සූදානම් බව ද කියා සිටියේය.

එමෙන්ම කිරිපිටි ආනයනය වෙනුවෙන් වාර්ෂිකව මිලියන 40,000ක් වැනි විශාල මුදලක් වැය කෙරෙන අතර දේශීය පශු සම්පත් ක්ෂේත‍්‍රයේ ආයෝජන සඳහා වැඩි අවධානයක් යොමු විය යුතු බවත් ඒ සඳහා ආයෝජකයන්ට පහසුකම් සපයාදීමට රජය සූදානම් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

කිරි ගවයන් මෙන්ම සත්ව නිෂ්පාදන සඳහා පවතින ආයෝජන අවස්ථා සහ රජයේ ව්‍යාපෘති පිළිබඳ ව ද ජනාධිපතිතුමා ආයෝජකයින් දැනුම්වත් කළේය.


වාණිජ බෝග සහ කුළු බඩු සඳහා අද අපනයන වෙළෙඳපොළ තුළ විශාල ඉල්මලුක් පවතින අතර ඒ සඳහා ඇති ආයෝජන අවස්ථා පිළිබඳ ව ද ජනාධිපතිතුමා මෙහිදී ආයෝජකයින්ට කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම පරිසර වන වගා ව්‍යාපෘති මෙන්ම ඖෂධ වගාවන් සඳහා වූ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහාය දැක්වීමට රජය කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංචාරක කර්මාන්තයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිතුමා ආයෝජකයින් දැනුම්වත් කළේය.

හවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරින් ද, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.