• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් මෙහෙයුම් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ වේ

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  සියලු ම ගුවන් මෙහෙයුම් ගුවන්තොටුපළ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (07)  සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.
 
 
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ගුවන් ධාවන පථයේ අලුත්වැඩියා හේතුවෙන් මාස 3 ක කාලයක්  පුරා ගුවන් තොටුපළේ කොටසක් වසාදැමීමට සිදුවී තිබුනි. 

මෙම කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය කොටස්කරුවන් මෙන්ම වටිනා පාරිභෝගිකයන්  විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිවන්ත වන අතර ගුවන් මගීන්ට මුහුණ දීමට සිදුවිය හැකි අපහසුතාවය අවම කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කරන ලද  ගුවන් සමාගමේ  කාර්ය මණ්ඩලය මෙන්ම ගුවන් තොටුපළ පාර්ශව  ආයතන  වෙත ද  ශ්‍රීලංකන් සිය හදපිරි ප්‍රණාමය පුදකර සිටින  බව ප්‍රකාශ  කර සිටියි.   

මේ  අනුව  2017  අප්‍රේල් මස 7 වැනි  දින  සිට බලපැවැත්වෙන පරිදි  සියලුම ගුවන් මගීන් සිය ගුවන් ගමනට පැය 3ට පෙර ගුවන් තොටුපළ වෙත  පැමිණීම සිදුකළ යුතුය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.