• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ෆුල් පෙස් ගැටලුවට සහනදායී විසදුමක්

Hon sagala rathnayake2017සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිළිබඳ ව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙනවා.
 
 
මෙම සාකච්ජාව ඊයේ (06)  පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති අතර මෙහිදී ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලු ව තව දුරටත් සාකච්ඡාකොට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පවසා ඇත.

මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා ඇතුලු එම සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද සහභාගිවී සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ෆුල් පෙස් හෙල්මන්ට් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාගැනීම සඳහා තව දුරටත් සාකච්ඡාකොට අදාළ තීරණවලට එළඹිය යුතු බවයි. එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ජාකොට ලබන සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසු අදාල තීරණ ගතහැකි බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ "ප්‍රමිතිය", "ආරක්ෂාව" සහ "රටේ පවත්නා නීතිය" යන කරුණු මූලික කර ගනිමින් මෙම ගැටලුව විසදීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බවයි.


කෙසේ උවත් මෙහිදී වඩාත් වැදගත් වනුයේ ජනතාවගේ ආරක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාවට මුල්තැනදී නීති සැකසිය යුතු බවත් ෆුල් පෙස් හෝ සාමාන්‍ය හෙල්මන්ට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී නොපැළදිය යුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.