• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“සූරිය උදානය” ජාතික අලුත් අවුරුදු උළෙල - 2017

maxresdefault20170407අලුත් අවුරුදු  ජනක්‍රීඩා නව පරපුරට දැක බලාගැනීමට අවස්ථාව උදා කිරීම, ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය ඇති කිරීම තුළින් සමානාත්මතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කරන ලද  “සූරිය උදානය ජාතික අලුත්  උළෙල  - 2017”   2017 මේ මස  (22)  දවස පුරා බුලත්සිංහල ජාතික පාසල් පරිශ්‍රයේ දී පැවැත්වේ.
 
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුලත්සිංහල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කරනු ලබයි.

මෙම අලුත් අවුරුදු උත්සවයේ පාපැදි ධාවන තරග, මැරතන් තරග, කඹ ඇදීම, අවුරුදු  කුමාරා/ කුමරිය තේරීම,  මෙන්ම චක්ගුඩු පැනීම, පොල් ගෑම, පොල් අතු විවීම, කණාමුට්ටිය බිඳීම, කැවුම් කෑම, බැලුම් පිපිරවීම, ලිස්සන ගහේ නැගීම, ආදී තරග මෙන්ම  ඔන්චිලි වාරම්, පංච දැමීම,  එළුවන් කෑම, ජන ගායනා, ඔළිඳ කෙළිය, රබන් වාදනය, කොට්ටා පොර , කතුරු ඔන්චිල්ලාව, පොරපොල් ගැසීම, උණ වෙඩි,  ආදී ජන ක්‍රීඩා රැසකින් සමන්විත වෙයි.

අවුරුදු උත්සවය අවසානයේ දී සංස්කෘතික මධ්‍යස්ථාන මගින් ඉදිරිපත් කරනු ලබන නර්තන ප්‍රසංගයක්,  60 -70 දශකයේ කලාකරුවන්ගේ සංගීත ප්‍රසංගයක්, විවිධ ජන කොටස්වල සංස්කෘතික ප්‍රසංගයක්, හිටිවන කවිමඩුවක්, වාද බයිලා ප්‍රසංගයක්,  කිරි කොරහ ශාන්ති කර්මයක් , ජන ගී ප්‍රසංගයක් පැවැත්වීමටත් පසුදා පහන්වනතුරු  ශාන්ති කර්මයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර ඇත.

මෙම ජාතික අලුත් අවුරුදු  උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ සහභාගිත්වයෙන්  පැවැත්වේ.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.