• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයට ජනපති අතින් මුල් ගල තැබේ

He china 2017 04 07චීන මහජන සමූහාණ්ඩුවේ ප‍්‍රදානයක් අනුව කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (07) පෙරවරුවේ සිදු විය.
 
මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ම රෝහල සහ ආසියාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබා දී තිබේ.

මේ යටතේ කොළඹ ජාතික රෝහලේ දැනට ක්‍රියාත්මක බාහිර රෝගී අංශය වෙනුවට මෙම අංගසම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 100 කි.

වසර තුන හමාරකින් ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.